කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ⁣ට.?

උත්සව සමයේදී කුකුළු මස් මිල ගණන් සහ බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශයක් කරයි.

කුකුළු මස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් සිදු නොවනු ඇති බවත් වෙළඳපොළේ කුකුළු මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් මිල ගණන් පහත වැටී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

රටේ පවතින කුකුළු මස් ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් පවතින බවත් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් වෙළඳපොළට සැපයීමේ හැකියාව පවතින බවද එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමඟ නිෂ්පාදනය අඩුවීම මිල ගණන් ඉහළ යාමට බලපා ඇති බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරන බඩඉරිඟු හිඟවීම හේතුවෙන් ඒ වෙනුවට සහල් භාවිත කිරීමට සිදුව ඇති බවත් එම වෙනස්කම නිසා බිත්තර නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බවද ඔහු සඳහන් කරයි.

කුකුළු ගොවිපළ ආශ්‍රිතව වෛරස් රෝග කිහිපයක් පැතිරීමද බිත්තර නිෂ්පාදනය පහත වැටීමට බලපා ඇති බවත් මේ වනවිට බිත්තරයක් රුපියල් 40ක මිලකට අලෙවි වන බවද ඔහු සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel