හයිපර්සොනික් මිසයිල වලින් සමන්විත නවීනතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් නිල වශයෙන් එළිදක්වා ඇත.
රුසියාවේ සෙවරොඩ්වින්ස්ක් (Severodvinsk) නගරයේ පිහිටි සෙව්මාෂ් (Sevmash) නෞකා නිෂ්පාදනාගාරයේදී පැවති නාවික ධජය එසවීමේ උත්සවයකදී මෙම සබ්මැරීනය රුසියානු නාවික හමුදාව වෙත භාරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘Yasen-M’ පන්තියට අයත් ‘Perm’ නමැති මෙම සබ්මැරීනය, රුසියාවේ අති නවීන සර්කෝන් (Zircon) හයිපර්සොනික් මිසයිල පද්ධතියෙන් සමන්විත පළමු සබ්මැරීනය බව මොස්කව් පාලනය සඳහන් කරයි.
සිය නාවික බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2030 වසර වනවිට තවත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන පහක් නාවික හමුදාවට එක් කිරීමට රුසියාව සැලසුම් කර ඇත.
