අද (20) දින නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා රෝහල්ගත කළ බව පස්සර පොලීසිය සදහන් කරයි.
පස්සර ජාතික පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පැවත්වීම සදහා මේ දිනවල පුහුණුවීම් කටයුතු සිදුකරන අතර අද එහි පෙරහුරු වැඩසටහනක් පස්සර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වු බව පොලීසිය සදහන් කරයි.
දැනට රෝහලේ නේවාසිකව පාසල් සිසුන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් සෙසු පාසල් සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද පොලීසිය සදහන් කරයි.