අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රැඳවියන් කිහිප දෙනෙකු රෝගී වීම හා එම රෝගී තත්ත්වය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.
දැනට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට අදාළ නඩු කටයුතු, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බවද මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.
තවද වෙනත් බන්ධනාගාර වලින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැඳවියන් රැගෙන ඒම නවතා ඇති බවද මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.
හම්බන්තොට රෝහලට ඇතුලත් කල රැඳවියන්ගෙන් 7 දෙනෙකුට මෙනින්ජයිටිස් වැළදී නොමැති බව තහවුරු වී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.
මේ අතර පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු මියයයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
