Advertisements

අවශ්‍ය වුවහොත් හෙලිකොප්ටර් සූදානම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා හෙලිකොප්ටර් යානා සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර සදහන් කරයි.

අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූවන් පිළිබඳව හෝ ආපද‍ා තත්ත්ව පිළිබඳව ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක් කළහොත් ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ වෙනුවෙන් 412 සහ 212 හෙලිකොප්ටර් යානා සූදානම් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest