වාර්ෂිකව පැවැත්වෙන රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය නොවැම්බර් මස (08) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ශ්රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
අද (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ශ්රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කරයි.
කොළඹ විහාර මහා දේවි උද්යානයේ පිහිටි යුද ස්මාරකය කේන්ද්ර කරගනිමින් වසර 82ක් පුරා මෙම රණවිරු ගුණ අනුස්මරණ වැඩසටහන ක්රියාත්මක කරනු ලබන බවද ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
ඊට සමගාමීව ඔක්තෝබර් මස (17) වැනි සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර පිටියේ සිට විහාර මහා දේවි උද්යානයේ පිහිටි යුද ස්මාරකය දක්වා සංකේතාත්මක පොපි පාගමනක් පැවැත්වීමට නියමිත බවද ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

