මෙම 2026 වසරට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස (30) වැනිදාට පෙර බාරදෙන ලෙසට අල්ලස් කොමිසම විසින් රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.
ජුනි මස (30) වෙනිදාට පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයන්ට අධිභාරයකට යටත් වීමට සිදුවන බවද සඳහන් කරයි.
වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.
