බැංකු ගිණුම් කොල්ලකන අලුත්ම ජාවාරම

වර්තමානයේ WhatsApp සහ Telegram හරහා ලැබෙන “.apk” ගොනු මගින් සිදුකරන මෙම භයානක මූල්‍ය වංචාව පිළිබඳව ඔබ දැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලීසිය සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම් වලින් ඔබ වෙත එවන මෙම ගොනු, රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා ක්ලික් (Click) කළ සැණින් ඔබේ දුරකථනයට අනතුරුදායක මෘදුකාංගයක් ඇතුළු වේ.

මේ හරහා හැකර්වරුන්ට ඔබගේ දුරකථනයේ තිරය පාලනය කිරීමටත්, ඔබගේ SMS කියවීමටත් අවස්ථාව ලැබෙන බැවින්, බැංකු ගිණුම්වලට අදාළ රහසිගත OTP කේතයන් පවා ඔබ නොදැනුවත්වම ඔවුන් අතට පත්වේ.

එනිසා, නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන මෙවැනි සැකකටයුතු “.apk” ගොනු කිසිවිටෙකත් බාගත කිරීම හෝ විවෘත කිරීම සිදු නොකරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

ඔබගේ දුරකථනයට අවශ්‍ය Apps ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කිරීමටත්, දුරකථන Settings තුළ ඇති “Install Unknown Apps” යන්න අක්‍රිය කර තැබීමටත් වගබලා ගන්න.

යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම ඔබගේ බැංකු ගිණුම් අත්හිටුවා ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන්න.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments