ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල අද (27) දින ඉහළ ගොස් ඇත.
ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5187යි සත 50ක් ලෙස සටහන් වුණි.
රන් අවුන්සයක මිල, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් 4981යි සත 70ක් ලෙස සටහන් වුණි.
අත්අඩංගුවට ගෙන අද (27) දින අලුයම මෙරටට ගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලිසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නමැති සැකකරු කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙනවිත් ඇත.
මෙම සැකකාර “පොඩි ලැසී” නැමැත්තා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් යානයෙන් දිවයිනට රැගෙන ආවේය.
මෙම සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.
2025 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු (06) දින සිට 2026 මාර්තු (15) දින දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විෂය අංක 52 – නර්තනය (දේශීය), විෂය අංක 53 – නර්තනය (භාරත), විෂය අංක 54 – සංගීතය (පෙරදිග) සහ විෂය අංක 55 – සංගීතය (කර්ණාටක) යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු (09) දින සිට 2026 මාර්තු (16) දින දක්වා පැවැත්වීමට නියමිතය.
විෂය අංක 56 – සංගීතය (බටහිර), විෂය අංක 57 – නාට්‍ය හා රංග කලාව (සිංහල), විෂය අංක 58 – නාට්‍ය හා රංග කලාව (දෙමළ) සහ විෂය අංක 59 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයයන් සඳහාද ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු (09) දින සිට 2026 මාර්තු (16) දින දක්වා පැවැත්වීමට නියමිතය.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මඟින් යැවීමට කටයුතු කරනු ඇත.
ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින්ද ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්ත පරාජය ගැන නායක දසුන් ශානක සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.
නායක දසුන් ශානක සඳහන් කළේ,
“මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීමේ කනගාටුව ඔබත් සමග මම බෙදා ගන්නවා. එංගලන්තයට එරෙහි තරගාවලිය පරාජය වීම ඇතුළුව නායකත්වය මුහුණ දුන් අභියෝග නොතකා කණ්ඩායමක් ලෙස අපි දැවැන්ත විශ්වාසයක්, පැහැදිලි සැලසුම් සහ ඉහළ බලාපොරොත්තු සහිතව මෙම තරගාවලියට පැමිණියා.
ශ්‍රී ලංකාව සමසත්කාරක රටක් නිසා, පසුගිය පරාජයන් ආපසු හරවා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දිගු දුරක් යාමට අපට හැකියාව ඇති බව මම සැබවින්ම විශ්වාස කළා. ඔබ බොහෝ දෙනෙකුට මා කෙරෙහි සහ කණ්ඩායම කෙරෙහි දැනෙන කලකිරීම, වේදනාව සහ කෝපය මට සම්පූර්ණයෙන්ම වැටහෙනවා.
මම නිහතමානීව ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ ක්‍රිකට් පද්ධතිය තුළ වෙහෙස මහන්සි වී වැඩකරන සහ මෙම උරුමය ඉදිරියට ගෙන යාමට උපරිම උත්සාහය දරන ක්‍රීඩකයින්ව අත්නොහරින ලෙස. මිලියන ගණනකගේ බලාපොරොත්තු සහ සිහින අපේ උරහිස් මත තබාගෙන සිටින දන්නා විට පරාජය කිසි විටකත් පහසු නෑ.
ක්‍රිකට් ක්‍රීඩාවට ලංකාවේ සුවිශාල ආකර්ශනයක් ඇති පසුබිමක විවේචන, සාකච්ඡා සහ සෑම තැනකම බෙදා ගන්නා හැඟීම් මට තේරුම් ගන්න පුළුවන්. කෙසේ නමුත් තත්ත්වය කුමක් වුවත්, මා දන්නා සියල්ල ඉදිරියටත් මම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා. මම සෑම විටම ක්‍රීඩාව ක්‍රීඩා කර ඇත්තේ එක් අරමුණක් ඇතිව. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන්.
ඔබට ලැබිය යුතු ප්‍රතිඵලය අපට ලබා දීමට නොහැකි වීම ගැන මට කනගාටුයි. අප වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔබට ස්තූතියි.”
හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මූලික විරෝධතා ඉදිරිපත් කළේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාල නඩුව මාර්තු මස (05) වනදා යළි කැඳවීමට නියම කළේය.
අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා හා සංවර්ධන අවශ්‍යතාවන්ට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.
මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසර පත්‍ර හා දීමනාපත්‍ර වල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්‍ර සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුකූලව නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසර පත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍රය ලබා දීම සිදු කෙරේ.
හෙට (27) දිනයේදි අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500ක් ප්‍රතිලාභීන් වෙත බෙදා දීමට නියමිත අතර ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පානදුර උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ මල් ශාලාවක හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලද තොරතුරක් මත (25) සිදුකළ වැටලීමකදී මෙම මල් ශාලාවේ හිමිකරුවන 39 හැවිරිදි පුත්‍රයා සහ 69 හැවිරිදි ඔහුගේ මව හෙරොයින් ග්‍රෑම් 21ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරන පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් “පොඩි ලැසී” සම්බන්ධ එරට නීති කටයුතු අවසන් කොට, සැකකරු මෙරටට භාරදීමට නියමිතව ඇති අතර ඒ අනුව සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව “පොඩි ලැසී” මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (25) පස්වරුවේ ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ අන්ත පරාජයත් සමග සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
කණ්ඩායමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් තණතිල්ලේ ස්වභාවය සහ තරඟයේ තත්ත්වය නිවැරදිව වටහා නොගැනීම නිසා ඊයේ (25) දින දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයකි.
කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ජයග්‍රහණය වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රීඩා නොකිරීම සහ රට ගැන කිසිදු හැගීමක් නොමැතිව ක්‍රීඩා කිරීම සම්බන්ධව ප්‍රේක්ෂකයින් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කරයි.
පකිස්තානය සමග තව එක තරගයක් තිබෙන බවත් එම තරගය හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙන බවද ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කරයි.
නායක දසුන් ශානක සඳහන් කළේ,
“මැච් එකක් තියෙනවා. හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන්ලා ටික තමයි මෙතන ඉන්නේ.”
“ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි පොසිටිව් හිටියත් එළියෙන් ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් පරිසරයක්.
ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට් වලට. මං හිතන්නේ නැහැ මේකත් රැකගන්න පුළුවන් කියලා. මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද.?
ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ. ඒ දේවල් ගවර්මන්ට් එකෙන් හරි නැවැත්තුවොත් මානසික සුවයට ඒක පහසුවක් වෙයි.”
ලංකාවේ ජනතාව මෙතරම් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට ක්‍රීඩකයින් දරන උත්සාහය සහ ඒ සඳහා ඉහළ තනතුරු වලින් එල්ල වන බලපෑම ගැන සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.