Local news

QR ක්‍රමවේදය නැවතත් ක්‍රියාත්මකයි

QR ක්‍රමවේදය නැවතත් ක්‍රියාත්මකයි

පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) දින මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව මීට පෙර පැවති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන QR කෝටාව හිමිවනු ඇති බවද එම සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.

ඒ අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමනක් ඉන්ධන නිකුත් කරයි.

රුසියාවෙන් තෙල් ගන්න දුන් කාලය දීර්ඝ කරයි

රුසියාවෙන් තෙල් ගන්න දුන් කාලය දීර්ඝ කරයි

රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අමෙරිකානු වේලාවෙන් ඊයේ (17) සිට මැයි (16) දක්වා රුසියානු තෙල් මිලදී ගැනීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මෙම අවසරය ලබාදී ඇත.

රුසියානු තෙල් සඳහා තාවකාලික සම්බාධක නිදහස් කිරීම දීර්ඝ නොකරන බවට අමෙරිකාව පසුගිය (15) ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙම අවසරය ලබාදී ඇත.

ඉරානය හෝමූස් විවෘත කරයි

ඉරානය හෝමූස් විවෘත කරයි

ඉරානය විසින් සියලුම වාණිජ නෞකාවන්ට ගමන් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇත.

ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමූස් හරහා සියලුම වාණිජ නෞකාවන්ට ගමන් කිරීමට අවස්ථාව උදාවේ.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත භාර දෙනු ලැබීය.

මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජී.එම්.ආර්.ඩී. අපොන්සු ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍යකරණය, මූල්‍ය විශ්ලේෂණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත නිලධාරියෙකු වේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් හා ආර්ථික කටයුතු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, ආර්ථික පාලනය හා ජාතික සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් උපායමාර්ගික ප්‍රතිපත්ති මගපෙන්වීම් ලබා දී ඇත.

ලුනාව රෝමානු කතෝලික පාසලෙන් සහ මොරටුව උයන ප්‍රාථමික විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද ජී.එම්.ආර්.ඩී. අපොන්සු, බ/කැප්පෙටිපොළ මහා විද්‍යාලයෙන් කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද, බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද සම්පූර්ණ කර ඇත.

ඔහු රුහුණ විශ්වවිද්‍යාලයෙන් (1994) භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත.

එසේම ජපානයේ IDEAS (Institute of Developing Economies Advanced School) වෙතින් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ඇත.

ඔහුගේ රාජ්‍ය සේවා කාලය තුළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේද සේවය කර ඇත.

ඊට අමතරව, ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) සැලසුම්කරණය හා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

තවද, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයෙහි (IHRA) පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත.

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වී ඇත.

සියලුම වාහන සඳහා QR ක්‍රමය නැවතත්

සියලුම වාහන සඳහා QR ක්‍රමය නැවතත්

QR ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

උත්සව සමය හේතුවෙන් පසුගිය (11) වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.

දැදුරු ඔයේ ගිලී මියගිය සංඛ්‍යාව ඉහළට

දැදුරු ඔයේ ගිලී මියගිය සංඛ්‍යාව ඉහළට

දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ අනෙක් දෙදෙනාගේද සිරුරු සොයා ගෙන ඇති අතර ඒ අනුව මෙම අනතුරින් මේ දක්වා මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇත.

කඩවත ප්‍රදේශයේ පදිංචි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස්, එම නිවසේ තවත් පිරිසක් සමග 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා දැදුරු ඔය වෙත ගොස් තිබූ අතර එහිදී මෙම ඛේදවාචකය සිදුව ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා ඒකකය මගින් සිදුකළ මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සහ ධීවරයින් පිරිස (16) දින අත්අඩංගුවට ගත්තේය.

ගොඩබිමට රැගෙන ඒමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් පසු ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය බවට අනාවරණය වූ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

එම උර තොගය තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමට සහ කිරුම් කටයුතු කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව ඇත.

දැදුරු ඔයේ දියනෑමට ගිය 2ක් ජීවිතක්ෂයට.. 6ක් අතුරුදන්

දැදුරු ඔයේ දියනෑමට ගිය 2ක් ජීවිතක්ෂයට.. 6ක් අතුරුදන්

අද (16) පස්වරුවේ දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු දියේ ගිලී අනතුරක් සිදුවී ඇත.

දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ පිරිමි සහ කාන්තාවකගේ මළසිරුරක් වන අතර තවත් පුද්ගලයින් 6 දෙනෙකු අතුරුදන්ව ඇත.

කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමඟ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා මෙලෙස දැදුරු ඔයට ගොස් ඇත.

මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 4 දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම බහුදින ධීවර යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවද නාවික හමුදාව සඳහන් කරයි.