Local news

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

අද (19) උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව තහවුරු කරයි.

ඒ අනුව අද උදෑසන උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාව දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාව මෙම වසරේ දියත් කළ හත්වන ⁠බැලස්ටික් මිසයිල දියත් කිරීම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය උප ජනාධිපති දිවයිනට

ඉන්දීය උප ජනාධිපති දිවයිනට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) දිවයිනට ළඟා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදු වූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සමග අද (19) දිනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට නියමිත ඉන්දීය උප ජනාධිපතිවරයා, බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමටද අපේක්ෂිතය.

මෙම නිල සංචාරයේ දෙවන දිනය වන හෙට (20) ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වනු ඇති අතර, එහිදී මලෛයගම් ප්‍රජාව හමුවීමට සැලසුම් කර ඇත.

නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

මිදිගම වෙඩි තැබීමක්

මිදිගම වෙඩි තැබීමක්

මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

නිවෙස් පරිශ්‍රයට ඇතුළු වී නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයකට ගිනි තබා අනතුරුව වෙඩි ප්‍රහාර පහක් පමණ එල්ල කළ බව නිවැසියන් සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එම නිවසේ ව්‍යාපාරිකයා, බිරිඳ, දරු දෙදෙනා සහ තවත් වැඩිහිටියෙකු නිවසේ සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත.

මෙම වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවසේ ස්ථාන කීපයක වෙඩි වැදී තිබුණ බව පොලීසිය සඳහන් කරයි.

අමෙරිකාව සමග යුද්ධයට අපි බය නෑ

අමෙරිකාව සමග යුද්ධයට අපි බය නෑ

තම රටට අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් රට ආරක්ෂා කිරීම සඳහා මුළු ජනගහනයම බලමුළු ගන්වන බව කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් සඳහන් කරයි.

කියුබාව සාමකාමී ජාතියක් වන නමුත් අමෙරිකානු ආක්‍රමණයකදී තමන්ව ආරක්ෂා කර ගැනීමට සියලු උපක්‍රම භාවිතා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන උත්සන්න වීමෙන් පසු කියුබානු රජය සිය ජාතික ආරක්ෂාව ‘ඉහළම ප්‍රමුඛතාවයක්’ බවට පත් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

“කියුබාව යුද්ධයට ආරාධනා කරන හෝ එය ප්‍රවර්ධනය කරන රටක් නොවේ. නමුත් අපගේ මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධයක් දියත් කිරීමට සිදුවුවහොත් අපි යුද්ධයට බිය නොවෙමු.”

ඉරානයේ උත්සාහයන්ට ඉඩ දෙන්නේ නෑ

ඉරානයේ උත්සාහයන්ට ඉඩ දෙන්නේ නෑ

ඉරානය සිදුකෙරන බියගන්වා යටත් කරගැනීමේ (Blackmail) කිසිදු උත්සාහයක් සඳහා තමා ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන නායකයින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කරන නමුත් අමෙරිකාවට එරෙහිව එවැනි තර්ජන එල්ල කිරීමට ඉඩක් නොමැති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය සමඟ “ඉතා යහපත් මට්ටමේ සාකච්ඡා” මේ වනවිට සිදුවෙමින් පවතින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

හිරුගෙන් ලාල්කාන්තට කනගාටුව.. වැරැද්ද නිවැරදි කරයි

හිරුගෙන් ලාල්කාන්තට කනගාටුව.. වැරැද්ද නිවැරදි කරයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත විසින් හිරු ටීවී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කළේය.

අමාත්‍ය ලාල්කාන්ත විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

2026 අප්‍රේල් මස (16) වන දින හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46 ඉක්මවන වත්කම් පවතින බවත් පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අටකෝටි තිස්නම ලක්ෂයකට අධික සුරකුම්පත් පවතින බවද ප්‍රකාශ කර ඇත.

අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත විසින් හිරු ටීවී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කර ඇත.

අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත විසින් ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් කෝටි අට ඉක්මවන බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

අමාත්‍යවරයා සතු සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක් ලෙස සඳහන්ව තිබුණේ ගණනය කිරීමේදී සිදුවූ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

අදාළ වත්කම් – බැරකම් ප්‍රකාශය අනුව එම සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්තෑපහයි ශත අටක් ලෙස නිවැරදි විය යුතු වන බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

තවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති වත්කම්වල මුලු‍ දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

ඒ අනුව අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත වෙත සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කරන බවත් මෙම ප්‍රවෘත්තිය පළ කරනු ලබන්නේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය යටතේ බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

හෝමූස් ආසන්නයේදී නෞකා දෙකකට ප්‍රහාර

හෝමූස් ආසන්නයේදී නෞකා දෙකකට ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැමිණි යාත්‍රා දෙකකට අද (18) දින මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වන තෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය විසින් අද (18) දිනයේ සිට හෝමූස් සමුද්‍ර සන්ධිය යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය සඳහන් කරයි.

ඉරාන වරායන් අවහිර කිරීමට අමෙරිකාව දිගින් දිගටම කටයුතු කිරීම මෙම තීරණය ගැනීමට හේතුවූ බවද ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති “දැඩි කලමනාකරණ” තත්ත්වයට නැවත පැමිණ ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ප්‍රහාරයක්

පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (17) රාත්‍රියේදී බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කලහකාරී අන්දමින් හැසිරීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ එහි ගොස් ඇත.

එහිදී එක් පුද්ගලයකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහරදී ඇත. කෙසේ වෙතත් මේ වනවිට එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ලාල්කාන්ත බිලියන 10ක් ඉල්ලා හිරුට එන්තරවාසියක් යවයි

ලාල්කාන්ත බිලියන 10ක් ඉල්ලා හිරුට එන්තරවාසියක් යවයි

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් හිරු ටීවී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇත.

අමාත්‍ය ලාල්කාන්ත විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

2026 අප්‍රේල් මස (16) වන දින හිරු ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46 ඉක්මවන වත්කම් පවතින බවත් පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අටකෝටි තිස්නම ලක්ෂයකට අධික සුරකුම්පත් පවතින බවද ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයාගේ දියණිය සතු, වර්තමාන වටිනාකම රුපියල් 143,000කට ආසන්න කොටස් ප්‍රමාණයක අගය, සාවද්‍ය ලෙස රුපියල් තිස් අටකෝටි තිස්නම් ලක්ෂයක් ලෙස හුවා දක්වා ඇති බවද එම එන්තරවාසියෙහි සඳහන් වේ.

ඡන්ද දායකයන් සහ පාක්ෂිකයන් අතර අමාත්‍යවරයාව පිළිකුලට, අවමානයට සහ සමච්චලයට පත් කිරීමට මෙය හේතු වී ඇති බවත් එම හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් මෙම එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත ගෙවන ලෙස හිරු නාලිකාවට දන්වා ඇත.

රජය විසින් ලබාදුන් පොදු දේපළක් වන විකාශන සංඛ්‍යාත, පෞද්ගලික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිත කරන බැවින් හිරු නාලිකාවේ විකාශන බලපත්‍ර අවලංගු කරන ලෙස අදාළ බලධාරීන්ට කරුණු දැක්වීමටද කටයුතු කරන බවද සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තු සහිතව වන්දිය අය කර ගැනීමට නඩු පවරන බවද සඳහන් කර ඇත.