Local news

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.!

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.!

පක්ෂ නායක සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනපති අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාමේ අරමුණින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කොළඹ ජල සැපයුම ගැන දැනුම්දීමක්.!

කොළඹ ජල සැපයුම ගැන දැනුම්දීමක්.!

මේ වනවිට කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු වලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ ක්‍රියා කිරීමේ ගැටලු මතුවුවහොත් කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කරයි.

සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ,

“අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් අනතුර ඇඟවීම් කරලා තියෙනවා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ නගිමින් පවතිනවා කියලා.

යම් ප්‍රමාණයකට තවත් අඩි 07කට 8කට ආසන්න ප්‍රමාණයකට ජල මට්ටම ඉහළ ගියහොත් අපිට අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසා ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවෙනවා.

එහෙම වුණොත් තමයි කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වෙන්නේ. අපි පුළුවන් තරම් උත්සහා කරන්නේ ඒ තත්ත්වය මැඩ පවත්වා ගන්න.” 

ජීවිත 123ක් බිලිගත් කාලගුණය.!

ජීවිත 123ක් බිලිගත් කාලගුණය.!

දිවයින පුරා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් සහ පුද්ගලයින් 130ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජල පහරට හසුවූ බස් රථයෙන් මගීන් 40ක් මුදාගනී.!

ජල පහරට හසුවූ බස් රථයෙන් මගීන් 40ක් මුදාගනී.!

රාජාංගනයේදී ජල පහරට හසුවූ බස් රථයෙන් මගීන් 40ක් දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන ඇත.

එම පිරිස අතර ජර්මන් ජාතික කාන්තාවක් සිටින බවට වාර්තා වන අතර ඔවුන් සියලු දෙනා නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇත.

සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම ජනාධිපති සජීවීව නිරීක්ෂණය කරයි.!

සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම ජනාධිපති සජීවීව නිරීක්ෂණය කරයි.!

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිස එම ස්ථානයෙන් මුදාගැනීමේ නවතම මෙහෙයුම ජනාධිපතිවරයා අද (29) දින අලුයම සජීවීව නිරීක්ෂණය කරමින් සිටී.

පැවති සැඩ පහර හේතුවෙන් ඊයේ (28) දින රාත්‍රියේ ඒ සඳහා කළ උත්සාහය ව්‍යාර්ථ වු අතර පවතින අයහපත් කාලගුණය මැද බස් රථයෙන් මුදාගත් පිරිස මෙලෙස අසල තිබෙන නිවසක වහලයක් මත රැඳීසිටී.

නාවික හමුදාවේ ක්‍රියාකාරි යාත්‍රා බලගනය, ශ්‍රී ලංකා නාවික කිමිදුම් අංශය, විශේෂ යාත්‍රා බලගනය ආදී අංශවලින් සැදුම්ලත් අතිරේක භට පිරිස් මෙම මුදවා ගැනීම් සඳහා එක්වී ඇත.

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අත්හිටුවයි.!

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අත්හිටුවයි.!

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ වරායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට වරාය අධිකාරිය පියවර ගෙන ඇත.

පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

රටේ තත්ත්වය අවදානම්.. නැවත පාසල් ආරම්භ කරන දිනය මෙන්න.!

රටේ තත්ත්වය අවදානම්.. නැවත පාසල් ආරම්භ කරන දිනය මෙන්න.!

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් සියලුම පාසල් ආරම්භ කිරීම තවදුරටත් කල්දමා ඇත.

ඒ අනුව තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස (16) වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමයි.!

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමයි.!

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමු බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

ආපදාවට පත්වූ ජනතාවට ඉන්දියානු INS Vikrant නෞකාවෙන් මානුෂීය ආධාර.!

ආපදාවට පත්වූ ජනතාවට ඉන්දියානු INS Vikrant නෞකාවෙන් මානුෂීය ආධාර.!

ආපදාවට පත්වූ ජනතාවට ඉන්දියානු INS Vikrant නෞකාවෙන් මානුෂීය ආධාර ලබාදෙයි.

‘දිට්වා’ හෙට පාන්දර 2ට දිවයිනෙන් පිටත් වෙයි.!

‘දිට්වා’ හෙට පාන්දර 2ට දිවයිනෙන් පිටත් වෙයි.!

‘දිට්වා’ සුළි කුණාටුව: නවතම තත්ත්වය සහ කාලගුණ අනාවැකි

කොළඹ, නොවැම්බර් 28 – ශ්‍රී ලංකාවට බලපා ඇති ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා දැඩි වර්ෂාපතනයක් සහ තද සුළං තත්ත්වයක් අඛණ්ඩව පවතින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

සුළි කුණාටුවේ ගමන් මග සහ ඉදිරි පැය කිහිපය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් 28 වන දින ප.ව. 02.00 ට නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව, ‘දිට්වා’ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 30ක් පමණ නිරිත දෙසින්, අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 81.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි

මෙම සුළි කුණාටුව උතුරු-වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එහි බලපෑම හෙට (නොවැම්බර් 29) අලුයම 02.00 න් පසුව ක්‍රමයෙන් අඩුවනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ

කෙසේ වෙතත්, සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට ගියද, එහි වක්‍ර බලපෑම හේතුවෙන් තවදුරටත් අයහපත් කාලගුණික තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දැඩි වර්ෂාපතනය සහ සුළං අනතුරු ඇඟවීම්

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවට රතු නිවේදන නිකුත් කර තිබේ

ඊට අමතරව, ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ 2.

සුළං තත්ත්වය සම්බන්ධයෙන්, පැයට කිලෝමීටර් 60-70 අතර වේගයකින් සුළං හමා යා හැකි අතර, විටින් විට පැයට කිලෝමීටර් 80-90 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත

ගංවතුර සහ ජීවිත හානි

මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ නාය යෑම් වාර්තා වී ඇති අතර, ජීවිත හානි සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි 3. තවත් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ, කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් 2016 වසරේ ඇතිවූ ගංවතුර තත්ත්වයට වඩා වැඩි ගංවතුර තත්ත්වයක් හෙට (නොවැම්බර් 29) රාත්‍රියේ කොළඹට ඇතිවිය හැකි බවයි

මහජනතාවට උපදෙස්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ:

•තද වැසි සහ සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස.

•නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් සම්පූර්ණයෙන් වළකින ලෙස.

•ගංවතුර අවදානම් සහිත පහත් බිම්වල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය නොවැම්බර් 30 වන දින දක්වා පැවතිය හැකි බැවින්, මහජනතාව අඛණ්ඩව කාලගුණ අනාවැකි පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි