Local news

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්.?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්.?

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම යෝජනාව පක්ෂ නායකත්වයට සහ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ සඳහන් කරයි.

විපක්ෂයේ සියලුම පක්ෂ වල සහාය ඇතිව මෙම විශ්වාසභංග යෝජනාව සකස් කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ සඳහන් කරයි.

මහජන මුදලින් විදෙස් සංචාර.. රනිල්ට ඉහළ අධිකරණයක නඩු පවරයි.?

මහජන මුදලින් විදෙස් සංචාර.. රනිල්ට ඉහළ අධිකරණයක නඩු පවරයි.?

මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් යොදාගෙන පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව හෙට (28) දින යළි කැඳවීමට නියමිතව ඇත.

මෙම නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් හමුවේ නඩු පවරන බව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගිය නොවැම්බර් (19) වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුවේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක්ද ලබාගෙන ඇත.

නාමල් ඉන්දියාවට ගියේ තරුණයින්ට ⁣විශේෂ දේශනයක් කරන්න.!

නාමල් ඉන්දියාවට ගියේ තරුණයින්ට ⁣විශේෂ දේශනයක් කරන්න.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉන්දියාවට පිටත්ව ගියේ එරට තරුණයන් උදෙසා විශේෂ දේශනයක් සිදු කිරීමට බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

සාගර කාරියවසම් සඳහන් කළේ,

“අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාට ඉන්දියානු රජයෙන් ආරාධනයක් ලැබිලා තියෙනවා. ඔවුන්ගේ ජනරජ දිනය වෙනුවෙන් පැවැත්වෙන ඒ උත්සවයේදී තරුණයන් උදෙසා විශේෂ දේශනයක් සිදු කරන ලෙස.

ඒ කාරණය සඳහා ඔහු පිටත්ව ගියා. ඊට අමතරව ලංකාවෙන් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දූත පිරිසක් පිටත්ව ගිය බව තමයි දැනගන්න තියෙන්නේ.”

මාධ්‍ය හමුවක් අමතමින් සාගර කාරියවසම් මේ බව සඳහන් කරයි.

ඩයනා ගමගේට දුන් නියෝගය.!

ඩයනා ගමගේට දුන් නියෝගය.!

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුව අද (26) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉදිරියේ කැඳවනු ලැබීය.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර, නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

අනතුරුව එම නඩුව සම්බන්ධව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස (16) වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ශිරන්ති රාජපක්ෂට වැඩ වරදී.. වහාම කැඳවයි.!

ශිරන්ති රාජපක්ෂට වැඩ වරදී.. වහාම කැඳවයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂට හෙට (26) දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

සිරිලිය ගිණුමක් පවත්වාගෙන යමින් මුල්‍ය වංචාවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවා ඇත.

මේ අතර සිරි­ලිය ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ 350ක් වැය කර ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඇති බවට විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස අල්ලස දූෂණය නාස්ති­යට එරෙහි සංවිධානය අල්ලස් හෝ දුෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමිණිල්ලක් සිදු කර ඇත.

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් කෝටි 450ක බඩු දෙහිබාලේගේ.!

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් කෝටි 450ක බඩු දෙහිබාලේගේ.!

පසුගියදා ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි 450 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 185 කට අධික ප්‍රමාණයත්, අයිස් කිලෝ 112 කට වැඩි ප්‍රමාණයත් දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ධීවරයන් 11 දෙනක් සමග සන්නිවේදන උපකරණ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.

නාවික හමුදා දිගුදුර මෙහෙයුම් බළ ඇණියට අයත් නෞකා සහ වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරීන් විසින් දින ගණනාවක් මුහුදේ ගතකර මෙම ට්‍රෝලර් යාත්‍රා දෙකෙන් එකක් මුලින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුවයි.

එහිදී උර 10 ක අසුරා හෙරොයින් කිලෝග්‍රෑම් 109 කට වැඩි ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 112 කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.

පළමු යාත්‍රාව අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් යාත්‍රාවක් පිළිබඳව නාවික හමුදාවට තොරතුරු ලැබී තිබූ අතර එම නිලධාරීන් ඒ යාත්‍රාව ද ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහි උර 4 ක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 75 කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි සැකකරුවන් හය දෙනකු ද එහිදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම යාත්‍රා දෙක සහ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 11 දෙනා ඊයේ (25දා) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළේය. මෙම මත්ද්‍රව්‍ය තොගය දෙහි බාලේට අයත් බවට විමර්ශන අනුව හෙළිවී ඇති අතර මීට පෙරද ඔහු විසින් ගෙන්වන ලද බවට අනාවරණය වූ මත්ද්‍රව්‍ය අඩංගු බෝට්ටු කිහිපයක් ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ලබාදුන් තොරතුරු අනුව නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැගෙන එන මත්ද්‍රව්‍ය මුහුදේදී විවිධ කල්ලි යොදවා පැහැර ගන්නා බවද දෙහිබාලේ නමැත්තාට චෝදනා එල්ල වී ඇත.

දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය පරීක්‍ෂාව සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් දික්ඕවිට වරාය වෙත ඊයේ (25දා) උදෑසන පැමිණ සිටියහ.

දික්ඕවිට වරායට රැගෙන පැමිණි එක් බෝට්ටුවක් පසුගිය 12 වැනිදා කුඩාවැල්ල ප්‍රදේශයෙන් මුහුදුගොස් ඇති බවත් එම යාත්‍රාව තංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට අයත් බවත් අනාවරණය වී ඇත. එම යාත්‍රාව අම්බලන්ගොඩ සහ තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 40ත් අතර වයසේ සැකකරුවන් බවද හෙළිවී ඇත.

අනෙක් ධීවර යාත්‍රාව මිරිස්ස ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවත් එහි බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ත් 50ත් අතර සැකකරුවන් සිටින බවත් හෙළි කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගැනීමට නියමිතව තිබුණි.

මෙම අවස්ථාවට සහභාගි වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහාතා පැවැසුවේ, මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම මේ වසරේ සිදු කළ මුල්ම විශාල වැටලීම බවයි. මෙය ප්‍රවේශයකට ගෙන ඉදිරියේදී දැවැන්ත වැටලීම් රැසක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

වැඩ තහනම් කළ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් ලෝක සංවිධාන 4කට පැමිණිලි.!

වැඩ තහනම් කළ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් ලෝක සංවිධාන 4කට පැමිණිලි.!

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න පසුගිය (23) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනමට ලක් කළේය.

වැඩ තහනමට ලක් කෙරුණු ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලට එලෙස පැමිණිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

තමන්ට එරෙහිව චෝදනාවක් ඇත්නම් නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා කඩ කර ඇති බව එම පැමිණිලි වල සඳහන් වේ.

GMO අඛණ්ඩ වර්ජනය අරඹයි.!

GMO අඛණ්ඩ වර්ජනය අරඹයි.!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව, 
01. සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම 

02. රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම.

03. දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම.

04. සමහර අවස්ථාවන්වල දේශපාලනික වුවමනාවට හා දේශපාලනික අවශ්‍යතාවයන් මත පවත්වන යම් යම් සායන සහ සෞඛ්‍ය කඳවුරුවලට සහයෝගය නොදැක්වීම.

05. යම් රෝහලක, සායනයක සහ බාහිර ප්‍රතිකාර ඒකකවල රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට සහයට, සහයක නිලධාරියෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු ඒ ස්ථානවල රාජකාරීවලින් ඉවත් වීම. 

යන ක්‍රියාමාර්ග 05ක් යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා 

”අපි හෙට සිට ආරම්භ කරන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පහ වැඩ නොකර ඉන්න නෙමෙයි. හෙට සිට අපි වැඩ කරනවා හැබැයි වැඩ කරන්න පුළුවන් වටාපිටාව ඇතුළේ.. ඔබ අවශ්‍ය පහසුකම් ටික දුන් නැත්නම් මතක තියාගන්න ඔබ නිසයි මේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටෙන්නේ..  

එහෙනම් ඒකෙ වගකීම ගන්න සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය හෙට සිට සූදානම් විය යුතුයි. ඒ වාගේම අපි මධ්‍යම කාරක සභාවක් කැඳවනවා ජනවාරි මාසේ 28වන බදාදා. මෙන්න මේ මධ්‍යම කාරක සභාවේදී, මෙතනින් එහා ගිය වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගවලට එළඹෙන්න අපි අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.. ඒ නිසා, මේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිනෙන් දින, දිනෙන් දින වැඩි වෙන එක වෙන්නේ.

මතක තියාගන්න මෙතනින් එහාට මේ වෘත්තීය සමිති  ක්‍රියාමාර්ග නිසා යම් තැනක සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා නම්, යම් තැනක රෝගී සත්කාර සේවාවන් බිඳ වැටෙනවා නම් ඒකේ සම්පූර්ණ වගකීම මේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය ගන්න ඕන.”

රන් ඉතිහාසයේ ඉහළම මිල වාර්ථා කරයි.!

රන් ඉතිහාසයේ ඉහළම මිල වාර්ථා කරයි.!

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම රන් මිල මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවද විශේෂඥයින් මත පළ කරනු ලබයි.

එමෙන්ම රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර පැලේඩියම් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ. 

මෙලෙස රන් මිල අඛන්ඩව ඉහළ යාමට බලපා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ බව විදෙස් මාධ්‍ය පවසයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම යන කරුණු ද රන් මිල ඉහළ යාමට බලපා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

‘දණ්ඩනයට පෙර අයිතිය’ සජිත් විරෝධය පලකරයි.!

‘දණ්ඩනයට පෙර අයිතිය’ සජිත් විරෝධය පලකරයි.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි.

දණ්ඩනයට පෙර කරුණු විමසීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විපක්ෂ නායකවරයා විසින් මෙහිදී අවධාරනය කර තිබේ.

ඔහු අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ කටයුතු නොකිරීම හරහා පෞද්ගලික පළිගැනීමක් පිළිබඳව සැකයක් මතු වීම සාමාන්‍ය ස්වභාවය බවත් එවැනි කටයුතු සිදුකිරීම භයානක බවත්