Local news

ස්ථාන 6ක නායයෑම්.. 4ක් මරුට.. 9ක් අතුරුදන්.!

ස්ථාන 6ක නායයෑම්.. 4ක් මරුට.. 9ක් අතුරුදන්.!

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම් වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවත් ඔවුන් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අධි ගංවතුර තත්වයක් නිවේදනය කරයි.!

අධි ගංවතුර තත්වයක් නිවේදනය කරයි.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

එම අවදානම සැලකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙයි.

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතය.

හොංකොං නිවාස සංකීර්ණයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට.!

හොංකොං නිවාස සංකීර්ණයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට.!

හොංකොං හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නෙන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවන භටයින් 800කට වැඩි පිරිසක් මේ වනවිට සේවයේ යොදවා ඇති බවත් ගින්න නිවා දැමීමේ හදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද සඳහන් කරයි.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්.!

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්.!

ඉදිරි පැය 24 තුළ තවදුරටත් ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවත් බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද සඳහන් කරයි.

ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳව අවධානය යොමු කරන ලෙසද ජනතාවට දැනුම් දෙයි.

තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 50-60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත් තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

පාකිස්තානය කැළඹෙයි.. හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කරයි.?

පාකිස්තානය කැළඹෙයි.. හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කරයි.?

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වන පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් ඇත.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් රැඳී සිටින බවත් ඔවුන් පොලිසිය සමඟ ගැටෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පාකිස්තාන රජය මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

අලුත් දීගයේ වගකීම භාරගත් සජිත්ට පැසසුම්.!

අලුත් දීගයේ වගකීම භාරගත් සජිත්ට පැසසුම්.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

පක්ෂ දෙකේ එකතු වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ ජාතික සංවිධායක සාගල රත්නායකගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් සියලුම සාකච්ඡා ඉහත ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බවද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සඳහන් කරයි.

අධික වැසි හේතුවෙන් පාසල් රැසක් වසා දමයි.!

අධික වැසි හේතුවෙන් පාසල් රැසක් වසා දමයි.!

මේ දිනවල පවතින අධික වැසි හේතුවෙන් පාසල් රැසක් වසා තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව අධික වැසි හේතුවෙන් හෙට (27) දින සහ අනිද්දා (28) දින ඌව පළාතේ සියලු මුස්ලිම් පාසල් වසා දැමීමට තීරණය ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධකරු “දෙහි බාලේ මල්ලි” නැමැත්තාට අයත් යාත්‍රා 5ක් CID භාරයට.!

සංවිධානාත්මක අපරාධකරු “දෙහි බාලේ මල්ලි” නැමැත්තාට අයත් යාත්‍රා 5ක් CID භාරයට.!

දකුණු ප්‍රදේශයෙ කේන්ද්‍රකරගනිමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන දෙහි බාලේ මල්ලී නැමැත්තාට’ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූවේ දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි.

එම ධීවර යාත්‍රා පහේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන බවද පැවසෙයි.

මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මැරූ ඝාතකයා අත්අඩංගුවට.!

මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මැරූ ඝාතකයා අත්අඩංගුවට.!

කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා බව පැවසෙන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනය වූයේ අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැති පුද්ගලයා වෙයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයකින් ඔහු අනතුරට පත්කර පසුව වෙඩිතැබීම සිදුකර තිබුණි.

කරන්දෙණිය සුද්දා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් ඉකුත් මැසි මස 4 වැනිදා සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව සැකකාර මහදුර ඉසුරු නැමත්තා පොලීස්‍යට පවසා තිබෙයි.

ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ඔහුට අමතරව සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.

මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් සෘජුවම සම්බන්ධ වූ බවය.

ඔහුගේ යතුරුපැදිය ගැටීමට සැලැස් වූ මෝටර් රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගිය බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයත් සමග මහදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පවුල්වල සාමාජිකයන්ද පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බව වාර්තා වේ.