Local news

2026 අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත‍යි.. විරුද්ධව එක් ඡන්දයයි.!

2026 අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත‍යි.. විරුද්ධව එක් ඡන්දයයි.!

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් අද පස්වරුවේ සම්මත විය.

ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 158ක්ද විරුද්ධව එක් ඡන්දයක් හිමිවූ අතර දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

පසුගිය නොවැම්බර් මස 15 වනදා අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ආරම්භ වුණි.

පසුගිය නොවැම්බර් මස 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අවතැන් කඳවරු වලින් පිටත්ව යන ජනතාවට මාසිකව රුපියල් 75000/=ක්.!

අවතැන් කඳවරු වලින් පිටත්ව යන ජනතාවට මාසිකව රුපියල් 75000/=ක්.!

ආපදා තත්වය හේතුවෙන් මේ වනවිට අවතැන් කඳවුරු වල සිටිනා ජනතාව රජය විසින් පූර්ණ වශයෙන් රැක බලා ගැනීමට සූදානම් බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම කඳවුරුවල රැඳී සිටිනා ජනතාව ස්ව කැමැත්තෙන් ඉන් ඉවත්ව යන්නේ නම් ඔවුන්ට කුළී නිවසක් ලබා ගැනීමට රුපියල් 25,000 බැගින් මාසික දීමනාවක් ලබාදෙන බවත් දෙදෙනෙකුට වැඩි පිරිසකගෙන් යුතු පවුලක් සඳහා තවත් රුපියල් 50,000ක ජීවන දීමනාවක් ලබා දෙන බවද ජනපතිවරයා සඳහන් කලේය.

ආපදා මරණ 607 දක්වා ඉහළට.!

ආපදා මරණ 607 දක්වා ඉහළට.!

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් රටපුරා ඇතිවූ ආපදාවලින් මියගිය ගණන 607 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අතුරුදන් සංඛ්‍යාව මේ වනවිට 214ක් දක්වා අඩුවී තිබෙන බවයි එහි නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

ආරක්ෂිත මධ්‍යස්ථාන 1211ක පවුල් 43715කට අයක් 152,537 දෙනකු රඳවා සහන සලසනවා.

අධික වැසි, තද සුළං, නායයාම්, ගංවතුර, පස් කණ්ඩි කඩාවැටීමෙන් පවුල් 586,464කට අයත් 2,082,195 දෙනකු පීඩාවට පත්ව තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර සහ කුණාටුවේ බලපෑම මේ වනවිට මුළුමනින්ම පහව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඉඩම නිවස අහිමි වූ ජනතාවට කෝටියක වන්දියක්.. ජනපති සහතික වෙයි.!

ඉඩම නිවස අහිමි වූ ජනතාවට කෝටියක වන්දියක්.. ජනපති සහතික වෙයි.!

අද (5) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවයි.

ඒ ඉඩම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් සහ නිවසට ලක්ෂ 50ක් වශයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම නිවසක තහඩුවක් හෝ ගැලවී ඇත්නම් එම නිවාස සඳහා ලක්ෂ 10ක මුදලක් ලබා දෙනබවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.

ආපදාවට ගොදු වූ ප්‍රදේශයන්හි ජීවත්වන පුරවැසියන්ට තම නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25000ක මුදලක් රජයෙන් ලබාදෙන බවයි ජනපතිවරයා මෙහිදී පැවසුවේ.

එම දීමනාව අද සහ හෙට යන දිනයන්වලදී ලබා දෙන බව පැවසූ ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ ආපදාවන් වලට ගොදු වූ නිවාස සඳහා නැවත ගෘහභාණ්ඩ මිලදී ගැනීමට රුපියල් පනස් දාහක මුදලක් ලබාදෙන බවයි.

ආපදාවන්ගෙන් බලපෑමට ලක් වූ ධාන්‍ය වර්ග සඳහා හෙක්ටයාරියකට එක් ලක්ෂ පනස් දහසක දීමනාවක් ලබාදෙන බවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.

ලාල් කාන්තට ජම්පරය අඳින්න වෙනවා – චාමර සම්පත්.!

ලාල් කාන්තට ජම්පරය අඳින්න වෙනවා – චාමර සම්පත්.!

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (5) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ වාරිමාර්ග ඇමතිවරයාට ජම්පරය ඇඳීමට සිදුවන බවයි.

‘බදුල්ලේ ගල් පැලුනේ මාලිමාවේ උදවිය ගහපු බොරු වලට. මේක සෙල්ලමකට ගන්න එපා. ටිකෙන් ටික වතුර ඇරලා තිබුනා නම් මේ ප්‍රශ්න වෙන්නේ නෑ.

අපි නාය ගිය ඒවට මොකුත් කියන්නෙ නෑ. අපි කියන්නෙ වතුර ඇරපු නැති එකට. හරි නම් වාරිමාර්ග ඇමැති ඉල්ලා අස්වෙන්න ඕන. මේවා වගකීමෙන් පැහැර හරින්න බෑ.ඒ වගේම අපිට කන්න දීපු දකුණේ මිනිස්සුන්ට මෙහිදී ස්තූති කළ යුතුයි. වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා. එයා මේ මරණ වලට වග කියන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්.!

09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්.!

ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් ලබන 09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ මේ හේතුවෙන් උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මේ වන විට වැසි ඇදහැලෙමින් පවතින බව බදුල්ල අප ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළා.

මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් ස්වාධීන මන්ත්‍රීවරියක් සපා කාලා.!

මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් ස්වාධීන මන්ත්‍රීවරියක් සපා කාලා.!

මාලිමා මන්ත්‍රීවරයෙක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදමින් සිටි ස්වාධීන මන්ත්‍රීවරියකගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

“සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා. ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.

මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා. ඒ ගැන වීඩියෝ පවා තියෙනවා. අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ”

විදෙස් කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී දරුවෙක් බිහි කරයි.!

විදෙස් කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී දරුවෙක් බිහි කරයි.!

අද (05) දින ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවකට ගුවන්තොටුපොළ තුළදී දරු ප්‍රසූතියක් සිදු වී ඇත.

එම කාන්තාව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට ඇත.

මගී පර්යන්තයේ රැඳී සිටින අතරතුර ඇයට දරු ප්‍රසූතිය සඳහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමඟම ඇය වහාම කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව එහි වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති අතර පසුව මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ගිලන් රථයක් මඟින් යොමුකර ඇත.

අර්චුනාගේ කැබ් රථය වතුකරයට පිං පිනිස.!

අර්චුනාගේ කැබ් රථය වතුකරයට පිං පිනිස.!

තමාට ලබාදීමට නියමිත කැබ් රථය අවශ්‍ය නැති බවත් ඊට අදාළ මුදල වතුකරයේ ජනතාවට බෙදා දෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ඒ සඳහා කැමැත්ත පලකරමින් ලිපියක් ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.

තමුන්නාන්සේලාගේ ඒ කැබ් එක මට එපා. වතුකරයේ මිනිසුන්ට ඒ සල්ලි ලක්ෂ දහය ගානේ බෙදන්න. මට කාර් එකකුත් නෑ. මම අද යාපනයට යන්නේ බස් එකේ. ඔයාලා කවුරුත් මෙතන බස් එකේ යන අය ඉන්නවද.

ඔයාලා එනවනම් උතුරට මම සපෝට් කරන්නම්. මම ඩයොස්පෝරාවෙන් සල්ලි ගෙනල්ලා උතුරටත් නැගෙනහිරටත් බෙදන්නම්. ඕනෑ නම් දකුණටත් දෙන්නම්. මම හා කිව්වොත් සල්ලි වැටෙනවා ඕන තරම්.

ප්‍රබල අකුණු සමග තද වැසි.. අවවාදාත්මක නිවේදනයක්.!

ප්‍රබල අකුණු සමග තද වැසි.. අවවාදාත්මක නිවේදනයක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) දින බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ගිගුරුමි සහිත තද වැසි සමග ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.