Local news

ජනතාව දුන් වතුර බෝතල් ප්‍රාදේශීය සභා කැබ් එකේම රැගෙන ගිහින් හෝටලේට විකුණලා.!

ජනතාව දුන් වතුර බෝතල් ප්‍රාදේශීය සභා කැබ් එකේම රැගෙන ගිහින් හෝටලේට විකුණලා.!

ස්වභාවික විපත්වලට පත්ව අසරණ වූ ජනතාවට විවිධ පරිත්‍යාගශීලීන් දුන් පානීය ජල බෝතල් තොගයක් මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු කැබ් රියකින් රැගෙන ගොස් අම්පිටිය හන්දියේ රතු බෝක්කුය අසල ආපන ශාලාවකට විකුණූ බව කියන එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රියදුරකු අසල තරුණ පිරිසක් අල්ලා මහනුවර පොලීසියට බාර දී තිබේ.

මෙම වතුර බෝතල් පැහැරගෙන ගොස් මුදලට කඩවලට විකුණූ රියදුරාගේ වැඩ තහනම්කි රීමට පියවර ගන්නා බව මේ පිළිබඳව විමසීමේදී ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා පැවැසීය. එම රියදුරා සේවයට බැඳී සති කීපයක් වන බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

ආපද‍ාවන් වලින් විපතට පත් ජනතාවට නොමිළේ බෙදා දීමට පරිත්‍යාගශීලීන් ලබාදුන් මෙම වතුර බෝතල් හොර පාරෙන් මිළදී ගත් හෝටල් හිමියාට ද එරෙහිව නීතීමය පියවර ගත යුතු බව එම සොරකම අල්ලා දුන් මහජනතාව පවසති.

ජනපති අද පාර්ලිමේන්තුවට.!

ජනපති අද පාර්ලිමේන්තුවට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

අද පැවැත්වෙන මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අතර ජනාධිපතිවරයාද ඊට සහභාගීවීමට නියමිතව ඇතැයි සඳහන්.

ජාතියක් අනතුරේ හෙලූ බස් රථ රියදුරුට සහ සහායකට එරෙහිව විනය පියවර.!

ජාතියක් අනතුරේ හෙලූ බස් රථ රියදුරුට සහ සහායකට එරෙහිව විනය පියවර.!

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් පසුගියදා කුඹුක්කන ප්‍රදේශයේදී ගංවතුර මැදින් ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙලූ මොණරාගල – කොළඹ බස් රථයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වෙයි.

පසුගිය බදාදා දිනයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු සහ කාර්ය මණ්ඩලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව, බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමටයි කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊට අමතරව, කොන්දොස්තරවරයාට සහ රියැදුරුට මාසයක කාලයක් සේවයෙන් තහනම් කිරීමටද නියෝග කර තිබේ.

බිඳ වැටුනු ජන ජීවිත ගොඩ නගන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්.!

බිඳ වැටුනු ජන ජීවිත ගොඩ නගන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්.!

ශ්‍රී ලංකාව මුහුනදී තිබෙන ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 72. 5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කරමින් පැවසූවේ ඒ සඳහා කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බවයි.

කෝච්චි සීසන් එකෙන් ලංගමේ යන්න අවසර හිමිවෙයි.!

කෝච්චි සීසන් එකෙන් ලංගමේ යන්න අවසර හිමිවෙයි.!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසූවේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇතත් නිසි පරිදි දුම්රිය දාවන කටයුතු මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බැවින් මගීන්ට සහනයක් සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගත් තීරණයක් අනුව මෙම අවස්ථාව මගීන්ට ලබාදෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යුක්‍රේන හමුදා වහාම ඉවත් වෙන්න.. පුටින් අනතුරු අඟවයි.!

යුක්‍රේන හමුදා වහාම ඉවත් වෙන්න.. පුටින් අනතුරු අඟවයි.!

යුක්‍රේනයට අයත් වන ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.

එනිසා යුක්‍රේනය හමුදාව නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයෙන් ඉවත්විය යුතු බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් අනතුරු අඟවා ඇත.

යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.

ඉන්දියාවේ සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එරට පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ඩොන්බාස් වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටියි.

ශ්‍රී ලංකාව යළි ගොඩනගන අරමුදලට මිලියන 697ක් දැනටමත් එකතු වෙලා.!

ශ්‍රී ලංකාව යළි ගොඩනගන අරමුදලට මිලියන 697ක් දැනටමත් එකතු වෙලා.!

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන්නේ ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) සඳහා මේ දක්වා රුපියල් මිලියන 697කට අධික පරිත්‍යාග මුදලක් ලැබී ඇති බවයි.

ඉන් රුපියල් මිලියන 635ක් ලංකා බැංකු ගිණුම හරහා ද, රුපියල් මිලියන 61කට අධික මුදලක් මහ බැංකු ගිණුම් හරහා ද ලැබී ඇති බව ලේකම්වරයා පැවසීය.

මෙම මුදල රටවල් 33කට අධික සංඛ්‍යාවක දායකයින්ගේ විවිධ තැන්පතු 30,470ක් මගින් ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊසානදිග මෝසම් තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

ඊසානදිග මෝසම් තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

අද (05) අලුයම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනය අනුව දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව සඳහන්.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර.!

කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර.!

කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හෙතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර වාරිමාර්ග පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ සැලසුම් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමආරච්චි, වාර්මාරිග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගෙපොල, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. කේ. සරත් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට මාලදිවයිනේ උපරිම සහාය.!

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට මාලදිවයිනේ උපරිම සහාය.!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) සිය කණගාටුව පළ කළේය.

එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට මෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහිදී සිය උපරිම සහාය ලබා දෙන බවද මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඊයේ (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකථනයෙන් සම්බන්ධ වූ මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම අසීරු අවස්ථාවේ මාලදිවයන් රජය සහ ජනතාව ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග අත්වැල් බැඳගෙන සිටින බවයි.

තම සහෝදර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තනි නොකරන බවද ආචාර්ය මොහමද් මුයිසු මෙහිදී අවධාරණය කළේය.

සෑම අසීරු අවස්ථාවකම මාලදිවයින, ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අවස්ථාවේදීද මාලදිවයින රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට ලබා දෙන හෘදයාංගම සහාය මහගු ශක්තියක් බව ප්‍රකාශ කළේය.