Local news

මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් අරන්.. ඩිලන්ත ජාවාරමක.?

මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් අරන්.. ඩිලන්ත ජාවාරමක.?

ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කර අඩු මිලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බව කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී, අදාළ පුද්ගලයින් මුලින්ම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.

ව්‍යාජ ඔප්පු සකස් කරමින් කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් එම විමර්ශන අතරතුර අදාළ පුද්ගලයින් විදෙස්ගත වුවහොත් පරීක්ෂණ කටයුතු වලට බාධා ඇතිවිය හැකි බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදෙස් ගමන් තහනම ඉල්ලා ඇත.

එම ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන පුද්ගලයින්ට විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා සිටියේය.

කොළඹ 07, බාන්ස් පෙදෙසේ අංක 18 දරන පර්චස් 43ක විශාලත්වයෙන් යුතු, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩම රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට අලෙවි කළ බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පන්නිපිටියේ පදිංචි ආරියපාල දිසානායක නමැති පුද්ගලයක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී, රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් එම ඉඩම ව්‍යාජ ඔප්පු මගින් රුපියල් බිලියනයකට අලෙවි කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

බන්ධනාගාරගත කර සිටින ආරියපාල දිසානායක මේ වනවිට රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඉඩම අලෙවි කිරීමෙන් ලැබුණු මුදල් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු අතර බෙදී ගොස් ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව නමැත්තා මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් ලබාගෙන ඇති බවටද මූලික විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි රහස් පොලිස් නිලධාරීන් පවසා ඇති අතර මුදල් බෙදාගත් බව කියන පුද්ගලයින් මෙන්ම මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන ලබාගත් බව කියන පුද්ගලයා සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායකගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අතර විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා ඇති පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

තෙල් මිල ඉහළට

තෙල් මිල ඉහළට

අද (08) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.70ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.00ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 106.08ක් ලෙස ඉහළ ගොස් ඇත.

මහින්ද සහ රනිල්ගේ දූෂණ ගැන UNHRC නවතම වාර්තාව හෙළිකරයි

මහින්ද සහ රනිල්ගේ දූෂණ ගැන UNHRC නවතම වාර්තාව හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය, දූෂණය සහ වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් දැඩි ලෙස කඩවී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) නවතම වාර්තාව මගින් හෙළිකර ඇත.

මේ හේතුවෙන් සමාජ සුබසාධන වියදම් සඳහා රටේ ආදායමෙන් වැඩි කිරීමට සිදුව තිබෙන්නේ ඉතාම සුළු මුදලක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) නවතම වාර්තාවේ දැක්වෙයි.

දැඩි සංවාදයට ලක්වූ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සම්බන්ධය මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ මහජන මුදල් අවභාවිතා කිරීමේ විමර්ශන පිළිබඳව ද අදාළ ‘UNHRC’ වාර්තාව මගින් අවධානය යොමුකර ඇත.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරය අතරතුරදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නවතම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊට පූර්වගාමිව නිකුත් කළ වාර්තාවට අනුව 2026 ශ්‍රී ලංකාවේ අයවැයේ රාජ්‍ය ආදායමෙන් 49.38%ක් ණයවල පොලී ගෙවීම සඳහා වෙන් කිරීමට සිදුව ඇත.

රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව වෙන්කරන විට සෞඛ්‍ය, අධ්‍යාපනය, දුප්පත් සහ දැඩි අවදානමට ලක්වූ ප්‍රජාවන් උදෙසා වන සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් වෙන් කිරීමට හැකිව ඇත්තේ 1.9% ත් 2.4% ත් අතර ඉතා සුළු මුදලකි.

සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය හමුවේ බලශක්ති, ආහාර සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මත අමතර පීඩනයක් එල්ල විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය වසර අවසානයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ දූෂණ විරෝධී වැඩපිළිවෙළ, නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම, ආයතන ශක්තිමත් කිරීම, විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම් හරහා ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව මෙම වාර්තාවේ පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග රැසක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වර්තමානය වනවිට විමර්ශන රැසක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම මෙම වාර්තාවේ ඇතුළත් කර ඇත.

තවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ මහජන මුදල් අවභාවිතා කිරීම පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාවේ සඳහන් කර ඇත.

බලාපොරොත්තු ඉටු වූ නාමල්ගේ මුහුණට හිනාවක්.. දැන් සූදානම්

බලාපොරොත්තු ඉටු වූ නාමල්ගේ මුහුණට හිනාවක්.. දැන් සූදානම්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ලබාගත් බවට නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය පසුගියදා නියෝග කළේය.

ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර දක්වා ඇත.

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන (11) වැනිදා දක්වා රැස්වීමට නියමිත බැවින් නාමල් රාජපක්ෂ හෙට (08) දින බොහෝ දුරට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිත අතර ඔහුට ඒ සඳහා විපක්ෂයෙන් ⁣වැඩි වේලාවක් ලබාදීමට නියමත බව වාර්තා වේ.

බාල වයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ 5ක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ 5ක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් දුෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 16 සහ 18 වයස්වල පසුවන්නන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කන්තලේ ප්‍රදේශයේ උත්සවයක් නැරඹීමට පැමිණි 15 හැවිරිදි දැරියක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් වේ.

රථගාලක නවතා තිබූ බස් රථයක් තුළ යම් පිරිසක් සැකකටයුතු ලෙස රැඳී සිටින බවට පොලීසිය නිරීක්ෂණය කර ඇති අතර පසුව ඒ පිළිබඳව සොයා බලා ඇත.

එහිදී අදාළ දැරිය, පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු සමග එහි රැඳී සිටින බවට පොලීසිය දැක ඇති අතර අනතුරුව එම පිරිසගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී බස් රථයට පැමිණීමට පෙර අසළ කැලෑ බඳ ප්‍රදේශයකදී ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ තවත් අයෙකු ඇය දුෂණය කර ඇති බවට අනාවරණ වී ඇත.

අනතුරුව එම දැරියගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ, තවත් තුන්දෙනෙකු අසළ නවතා තිබු බස් රථයක් තුළට තමා සමග පැමිණි බවයි.

ඒ අනුව කන්තලේ පොලීසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

පාසල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට විශේෂ වැඩක්

පාසල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට විශේෂ වැඩක්

මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගෙන් 70%කට පමණ, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් සංඛ්‍යාව හතලිස් දහසක් පමණ වන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

කොළඹ නගරයේ පාසල් තුළ මෙන්ම ගම්බද පාසල් තුළට මත්පෙති ව්‍යාප්ත වී ඇති බවත් එම පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

කොබෙයිගනේ ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

මේ අතර මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන ඇත.

පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමු කිරීම ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

බස් ලලිත් වමාරයි.. සුසාන භූමියෙන් ගිනිඅවි

බස් ලලිත් වමාරයි.. සුසාන භූමියෙන් ගිනිඅවි

ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරු බව කියන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත්” ගෙන් ප්‍රශ්න කර ඇත.

සිදුකළ එම ප්‍රශ්න කිරීම්වලදී හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක ගිනිඅවි කිහිපයක් සඟවා තිබෙන බවට ප්‍රකාශ කර ඇත.

එම තොරතුරු මත හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ගිනිඅවි කිහිපක් සොයාගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන්

එම ස්ථානයේ තිබී T-56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් සොයාගත් බවද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

අමෙරිකාවට වේදනාකාරී ප්‍රතිචාරයක් ලබා දෙනවා.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාවට වේදනාකාරී ප්‍රතිචාරයක් ලබා දෙනවා.. ඉරානය අනතුරු අඟවයි

ඉරානයට එරෙහිව අමෙරිකාව ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කළහොත් එයට “වේදනාකාරී ප්‍රතිචාරයක්” ලබාදෙන බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් අනතුරු අඟවා ඇත.

අමෙරිකාව තවදුරටත් පමා වීමට පෙර ඉරානයට එරෙහි යුද්ධයේ ‘ක්‍රීඩා නීති වෙනස් වී ඇති’ බව⁣ට වටහා ගත යුතු බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් සඳහන් කරයි.

ඉරානයේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වලට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මින් ඉදිරියට වඩාත් වේගවත්, බරපතළ සහ වේදනාකාරී ප්‍රතිචාරයක් ලබාදෙන බවද කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් සඳහන් කරයි.

බන්ධනාගාරයේ සිටින නාමල් පාර්ලිමේන්තු එන්න අවසර ඉල්ලයි

බන්ධනාගාරයේ සිටින නාමල් පාර්ලිමේන්තු එන්න අවසර ඉල්ලයි

මේ වනවිට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (08) සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවීමට කටයුතු කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.

තවද, ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (08) දින පාර්ලිමේන්තුවට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පසුගියදා සඳහන් කළේය.

අයියා ඇතුලේ ඉද්දි මල්ලී ඉල්ලා අස්කර ගනී

අයියා ඇතුලේ ඉද්දි මල්ලී ඉල්ලා අස්කර ගනී

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබුණේය.

ඒ අනුව තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ ගොනුකර තිබූ අභියාචනා පෙත්සම අද (07) දින ඉල්ලා අස්කරගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී යළි අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් එහිදී මෙම කරුණ මතු කිරීමේ අයිතිය රඳවා ගනිමින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

Follow WhatsApp Channel