Top Story

හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට

හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට

හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) දින එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති කාර්යාලයට පිරිසක් බඳවා ගෙන ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සියලුම රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

සියලුම රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ ප්‍රධානත්වයෙන් අද (04) දින කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ අතර ඒ පිළිබඳව 2026 ජූනි (22) දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පිරිස් සභාපති ධුරයත්, නාලක දිසානායක ලේකම් ධුරයත් දරන මෙම කොමිෂන් සභාවෙහි සාමාජිකයන් සංඛ්‍යාව පහළොවකි.

මෙම කොමිෂන් සභාවට, රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය විය යුතුද යන්න පිළිබඳ නිර්දේශ ලබා දීම ආදියෙහි වගකීම පවරා ඇත.

රාජ්‍ය සේවක වැටුප් පිළිබද ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වන බවත්, විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ ඉතිහාසේ පළමු වතාවට බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.

රට සංවර්ධනය කර ඉදිරියට රැගෙන යාමේදී විශාල කාර්යභාරයක් රාජ්‍ය නිලධාරීන් වෙත පැවරෙන බැවින් රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බවද, එහිදී රාජ්‍ය සේවයේ පවත්නා ගැටලු විසඳීම ඉතා වැදගත් වන බවද අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ,

“මෙම කොමිෂන් සභාවට පත් කර සිටින සියලු දෙනා රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත වූවන්. ඒ අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ද සිටිනවා. ඔවුන්ටද මේ ගැටලු පිළිබඳ අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින්, දැක්මකින් යුතුව ඔවුන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

වැටුප් විෂමතා පිළිබඳ ගැටලු විසඳන තෙක් සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා බලයට පත් වූ පසු ඉදිරිපත් කළ පළමු අයවැයෙන්ම යෝජනා කළා. ඒ වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමු වන දා සිට වසර තුනක කාලයක් තුළ කොටස් තුනක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

එහි අවසාන වැඩිවීම 2027 ජනවාරි පළමු වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එකතු වෙනවා. එම වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමුවන දා සිට විශ්‍රාම ගිය සෑම රාජ්‍ය සේවකයෙකුටමත් හිමිවෙනවා. 2025 ජනවාරි පළමුවන දා විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප හිමිවන්නේ 2027 ජනවාරි පළමුවන දා වැඩි වන වැටුපට අනුරූපවයි.

එලෙස වැටුප් වැඩිකරනු ලැබුවේ තමන්ගේ වගකීම කැපවීමන් සහ උනන්දුවෙන් ඉටු කරන බහුතරයක් රාජ්‍ය සේවකයින්ට ගරු කිරිමක් හැටියට වගේම ඔවුන්ගේ ගැටලු පිළිබඳව මානුෂීයව දැකපු නිසයි. රාජ්‍ය සේවයේ ඉතා සුළු පිරිසක් වගකීම් විරහිතව කටයුතු කළත් රාජ්‍ය සේවකයින් බහුතරයක් තමන්ගේ වගකීම මනා අවබෝධයෙන් සහ කැපවීමෙන් ඉටු කරනවා. දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදි ඒ බව ඉතා හොඳින් තහවුරු වුණා.

ඒ වගේම වියදම ගැන නොසලකා තමන්ගේ අවශ්‍යතාව කුමක්ද යන්න ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු රාජ්‍ය ආයතන දැනුවත් කළා. මේ සියලු දේවල්වලින් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කරමින්, යහපත් රාජ්‍ය සේවයක් පුරවැසියාට ලබා දීමයි.

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 2020 වසරේ සිට අත්හිටුවා තිබුණේ. එහෙත් අපි බලයට ආවට පස්සේ 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මේ වන විටත් නව බඳවාගැනීම් සිදු වෙනවා.”

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් ආඥාවක්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇත.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි ‌වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කළ බව, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (04) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

තවත් දිස්ත්‍රික්ක කිහිපයක සියලුම පාසල් වසා දමයි

තවත් දිස්ත්‍රික්ක කිහිපයක සියලුම පාසල් වසා දමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවත් දිස්ත්‍රික්ක කිහිපයක සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් හෙට (04) දින වසා දැමීමට පියවර ගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබාදුන් බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ D.M.S.D. දිසානායක සඳහන් කරයි.

මේ අතර පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා දැමීමට තීරණය කර ඇත.

අඛණ්ඩ වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි රාගමට ඇඳිරිනීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාගමට ඇඳිරිනීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර ඇත.

ඒ අනුව රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරයට අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් පොලීසිය මෙම පියවර ගෙන ඇත.

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මරණ දණ්ඩනය නියම කිරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කර ඇත.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවයි.

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් මෙන්න

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් මෙන්න

මාසික සිදුකරන ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කරයි.

ඒ අනුව අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතියි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495ක් ලෙස එලෙසින්ම පවතියි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක් ලෙස එලෙසින්ම පවතියි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 478ක් ලෙස එලෙසින්ම පවතියි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285ක් ලෙස එලෙසින්ම පවතියි.

නව යුද හමුදාපති පත් කරයි

නව යුද හමුදාපති පත් කරයි

නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර ඇත.

ඒ අනුව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන යුද හමුදාපතිවරයා වේ.

ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සඳහන් කරයි.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අද (31) සිය ධුරයෙන් විශ්‍රාම යයි.

අනාගත පරපුරට ණය නැති රටක් හදනවා

අනාගත පරපුරට ණය නැති රටක් හදනවා

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් එය 40%ක පමණ වැඩිවීමක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බවත් අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජාත්‍යන්තර වාර්තා තුළ මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබද ඇගයීම් යහපත් මට්ටමක පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එක් යුගයක ණය ගෙවා ගත නොහැකි වූ, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වු අපේ රට අද ප්‍රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සිරදඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සිරදඬුවම්

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට අද (28) දින සිරදඬුවම් නියම කළේය.

ඒ අනුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක සිරදඬුවමක් නියම කළේය.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් වැරදිකරුවන් බවට තීරණය කර ඇත.

අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළේය.