Top Story

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කරයි

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කරයි

පහළ මැදි ආදායම් තත්ත්වයේ සිටි ශ්‍රී ලංකාව 5% දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් වාර්තා කිරීම හමුවේ නැවත ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කර ඇත.

මේ අතර ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ, සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාර අනුමත කළේය.

12%කින් බස් ගාස්තු ඉහළ⁣ට

12%කින් බස් ගාස්තු ඉහළ⁣ට

එළඹෙන (06) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12%කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ⁣ දමා ඇත.

ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ දමා ඇති අතර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ දමා ඇත.

සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ දමා ඇති අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ දමා ඇත.

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

අද (29) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 414කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 382කි.

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

Book Retreats ජාත්‍යන්තර වාර්තාව මගින් 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කර ඇත.

මෙරට ආයුර්වේද අභයභූමි ගෝලීය වශයෙන් සංචාරකයින්ගේ වැඩි අවධානයකට ලක්ව ඇති බව එම වාර්තාව මගින් සඳහන් කරයි.

මෙරට පවතින ආයුර්වේද උරුමය, අඩු පිරිවැය හා සහනදායී මිල ගණන්, වීසා සහන හා ස්වාභාවික විසිතුරු බව, ඊට හේතුවී ඇත.

තවද ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනයට ලක්වීමට ප්‍රධාන හේතු ලෙස සඳහන් කර ඇත්තේ,

*ලොව විශාලතම වන අලි රංචු

*නිල් තල්මසුන් නැරඹීමේ අවස්තාව

*වසර පුරාම සංචාරය කළ හැකි වෙරළ තීර

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්ත අතර දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාව, තුන්වැනි ස්ථානය මොරොක්කෝවට හිමිව ඇත.

ලෝකයේ කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාව පෙනී සිටිනවා

ලෝකයේ කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාව පෙනී සිටිනවා

ලෝකයේ කොතැනක සිටියද පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බවත් එය රටට මහත් අභිමානයක් සහ ගෞරවයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන සියලු දෙනා දෙවුර දරා සිටින්නේ රටේ අභිමානය බවත්, තම රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් රටේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා කිරීමට කැපවීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (26) පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වැඩිම භට කණ්ඩායම මෙය වන අතර ඔවුන්ට සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මේ වන විට හයිටි රාජ්‍යයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සමනය කර එරට තුළ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් එළැඹෙන අගෝස්තු මාසයේදී මෙම කණ්ඩායම හයිටි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට නියමිතව ඇත.

විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් සහ මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද හමුදා කාන්තා සාමාජිකාවන් 43දෙනෙකු මීට ඇතුළත් වේ.

මීට අමතරව, සන්නද්ධ රථ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘යුනි බෆල්’ රථ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශය වෙතින් ලබා දුන් විශේෂ වෙඩි නොවදින රථ 02ක්ද මෙම බළඇණිය වෙත ලබාදී ඇත.

ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා

ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා

ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙම මතභේදාත්මක නීති කෙටුම්පත අවලංගු කරන අතර රට තුළ සංවිධානාත්මක අපරාධ ඵලදායී ලෙස සටන් කිරීමට සහ මර්දනය කිරීමට අවශ්‍ය ශක්තිමත් නීති රාමුවක් රජය ඒ සමග සකස් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද (25) දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල ක්‍රියාකාරින් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ

අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදුවිණි.

අද (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

අනතුරුව හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය සඳහාද ජනාධිපතිවරයා එක් වූ අතර කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීමද සිදු කෙරුණු අතර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් (General Kevin Schneider) විසින් ඊට අත්සන් තැබිණි.

මෙම TH-57 ‘සී රේන්ජර්’ යානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම TH-57 බළඇණිය මගින් ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහා ද විශාල සහායක් හිමි වේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩල පුහුණු කිරීමද මෙමඟින් සිදු කෙරෙන අතර එය ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇත.

ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ 2026 ජූනි (01) වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යානා, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කෙරුණු අතර, ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැළපෙන පරිදි සිදු කෙරෙන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරිය අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතය.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කලහකාරී ලෙස හැසිරෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු සෙංකෝලය උස්සන්න හදයි

කලහකාරී ලෙස හැසිරෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු සෙංකෝලය උස්සන්න හදයි

අද (23) දින පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කථානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

කථානායකවරයා විවාදය සම්බන්ධව ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී, සභා නායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාළ කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවයි.

කෙසේ වෙතත් එම ඡන්ද විමසීමට එකඟ නොවීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීමටත් සමඟ පාර්ලිමේන්තුව තුළ මතගැටුමක් ආරම්භ විය.

අනතුරුව කලහකාරී ලෙස හැසිරෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය උස්සගෙන යාමට උත්සාහ කළ අතර එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා පොරබදින ආකාරයක් දක්නට ලැබුණේය.