ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED), දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරමින් පාරිභෝගිකයාට සහනදායී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ අරමුණින් ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇත.
මෙය සමුපකාර ඉතිහාසයේ ඓතිහාසික පියවරක් ලෙස සනිටුහන් වන අතර ඒ හරහා පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය නිෂ්පාදන සෘජුවම ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ ලංකා සීනි සමාගමෙන් මසකට දුඹුරු සීනි ටොන් 1000ක්, BCC ලංකා සමාගමෙන් ඇසුරම් කරන ලද පොල්තෙල් ලීටර් 20000ක් මෙන්ම සබන් ඇතුළු අනෙකුත් නිෂ්පාදන සමුපකාර ජාලය වෙත ලබා ගැනීමට නියමිතය.
මෙම නිෂ්පාදන පාරිභෝගික සමුපකාර 75ක නියෝජිතයින් හරහා තවත් ප්‍රාදේශික වෙළදසැල් 3500ක් දක්වා විහිදී යන පුළුල් බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ ජනතාව වෙත ළඟා කිරීමට නියමිතය.

