Advertisements

අපරාධකරුවන් 226කට එරෙහිව රතු නිවේදන.. ළඟදීම ලංකාවට ගේනවා

මේ වනවිට විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව අපරාධකරුවන් පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බවත් එම පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සිටින බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සඳහන් කළේ,

“මේ අවස්ථාව වනවිට රතු නිවේදනය ලබාගෙන සැකකරුවන් 35ක්. වෙනත් වැරදි ආකාරයෙන් වැරදිකරුවන් 33ක් වගේම සැකකරුවන් 68කට 70කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට රැගෙන ඇවිත් තියෙනවා වර්තමාන රජය බලයට පත්වීමෙන් පස්සේ. ඒ වගේම තවත් රතු නිවේදන 226ක් පමණ අරගෙන තිබෙනවා. 

මොවුන් අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් රතු නිවේදන අරගෙන තිබෙන්නේ. ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රාජ්‍යයන්වල ඔවුන් සිටින බවට හඳුනාගෙන සිටිනවා. ඔවුන්ව ළඟදී ලංකාවට රැගෙන ඒමේ කාර්යයෙන්ම ඉෂ්ට කරනවා.”

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest