Advertisements

එකම පවුලේ 5කට මරණ දඬුවම 

එකම පවුලේ පියා, පුතුන් ඇතුලු ඥාතීන් පස් දෙනෙකුට බලපිටිය මහාධිකරණය (22) විසින් මරණ දඬුවම නියම කර ඇත.

පුද්ගලයෙකුට පොලු මුඟුරුවලින් පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරුවන් 5දෙනෙකුට වසර 19ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම ලබාදීමට බලපිටිය මහාධිකරණය නියෝග කර ඇත.

පසුගිය 2007 ජූලි මස (29) වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පවුල් ආරවුලකට විත්තිකරුවන් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර එය සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව පවසමින් බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා මෙම මරණ දඬුවම ලබාදී ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest