ඩෙංගු නිසා ලංකාවට හිමිවු තැන.!

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ, ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ලොව රටවල් 30 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කළ බවයි.

ඒ රටවල් 30 අතරට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, සහ තායිලන්තයද ඇතුළත් කර බවත් අග්නිදිග ආසියා කලාපයේ සාමාජික රටවල් 11න් 10කම ඩෙංගු රෝගය සීඝ්‍ර පැතිරීමක් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

පසුගිය දශක දෙක තුළ ගෝලීය වශයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර වසරේ ගතවූ කාලය පුරාවට ලොව රටවල් 80ක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප පහක ඩෙංගු වැළදුණු පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් මියගොස් ඇති බවද සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් සදහන් කළේ, ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම, රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙහි ගෝලීය වශයෙන් අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS