Advertisements

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 8ක් සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

කලුතර දකුණ පොලිස් ස්ථානය නිලධාරීන් විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව ඊයේ (19) දින ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

එහිදී මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ රියැදුරන් 08 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථවල සේවයේ නිරත රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සේවයේ යෙදී සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35ත් 57ත් අතර වන අතර, පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest