මේ දිනවල ලොව පුරා පැතිර යන ඉබෝලා වෛරසය සහ මෙරට පැතිර යන මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධව සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මෙරට පැතිර යන මෙනින්ජයිටිස් රෝගය පාලනය සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා ජනතා සහයෝගය බලාපෙරොත්තු වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඉබෝලා රෝගය සම්බන්ධව වසංගත රෝග විද්‍යා ඒකකය විශේෂ අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධව අවශ්‍ය කෙරෙන උපදෙස් සෞඛ්‍ය අංශ වෙත ලබාදී ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්විමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“අප්‍රිකානු රටවල් කිහිපයක තමයි මේක ඉස්සෙල්ලාම ආරම්භ වුණේ. ඊට පස්සේ WHO එක මේක හදිසි තත්ත්වයක් ලෙස වාර්තා කළා. එතැන් සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මේ සම්බන්ධව නිරන්තරව අවධානය යොමු කරමින් අවශ්‍ය කරන උපදෙස් අපේ සෞඛ්‍ය පද්ධතියට ලබා දීලා තිබෙනවා.
ඒ අනුව කටයුතු කරමින් පවතිනවා. අනිත් එක පසුගිය දවස්වල වාර්තා වුණු මෙනින්ජයිටිස් කියන රෝගය සම්බන්ධයෙනුත් ඒක වාර්තා වුණු පළවෙනි දවසේ සිටම ඒ ගැන අවධානය යොමු කර එය වළක්වා ගැනීම සඳහා වන පියවර ගත්තා.”
