ඉදිරි පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන්ම කල් දමන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
කුමාර වෙල්ගම මෙම අදහස් පළ කළේ කොළඹ ගාලුමුවදොර දී පැවැති බණ්ඩාරනායක සමරු අවස්තාවෙන් පසුව මාධ්‍ය අමතමින්ය.
පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඒ වෙනුවට මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව කුමාර වෙල්ගම සදහන් කරයි.
රට තුල සිදු කරමින් යන මැතිවරණ නාමයෝජනා කටයුතු රටේ ජනතාව රැවටීම සදහා සිදු කරන දේවල් බවද කුමාර වෙල්ගම තවදුරටත් සදහන් කරයි.