නවතම තාක්ෂණය, අභ්‍යවකාශ සහ විද්‍යුත් වාහන ක්ෂේත්‍රවල දැවැන්තයෙක් වන ප්‍රකට ව්‍යාපාරික Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සුප්‍රසිද්ධ “SpaceX” සමාගම කොටස් වෙළෙඳපොළට ඇතුළත් කිරීමත් සමග එහි කොටස් අමෙරිකානු ඩොලර් 150 කින් ආරම්භ වී ඉතා ඉක්මනින් අමෙරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම සමාගම සිය IPO හි අමෙරිකානු ඩොලර් බිලියන 75ක් රැස් කරමින් නව වාර්තාවක් තබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම සමාගම ඔහු සතු කොටස්වල වටිනාකම ඇතුළු ඔහුගේ වත්කම් ඉහළ යාමත් සමඟ, ඔහුගේ සමස්ත වත්කම් වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවනු ඇතැයි ගණනය කර ඇත.
