Advertisements

2026 වසර විභාග කාලසටහන ගැන දැනුම්දීමක්

2026 වසරට අදාළ විභාග කාලසටහන ගැන විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ දැනුම්දීමක් කරයි.

ඒ අනුව 2026 වසරට අදාළ විභාග කාලසටහන කිසිදු වෙනස් කිරීමකින් තොරව අදාළ දිනයන්හිදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

සියලුම විභාග සඳහා සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කාලය සලකා බැලීමෙන් අනතුරුව මෙම කාලසටහන සකස් කළ බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

අද (24) දින පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මේ බව සඳහන් කළාය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest