ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරිපිට කැඳවනු ලැබුවේය.
ඒ මෙම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල අද (26) දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්ය.
අනතුරුව විනිසුරුවරයා නියෝග කළේ, මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස (31) වනදා කැඳවන ලෙසයි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේය.
