ලෝක වෙළෙඳපොළේ රන් මිල ගණන් සීග්ර ලෙස පහළ යමින් පවතින අතර එම තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ රන් මිල ගණන් පහළ ගොස් ඇත.
ඒ අනුව ශ්රී ලංකාවේ රන් මිල අද (20) දිනයේ රුපියල් 7,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.
කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400ක් ලෙසත් සටහන් වී ඇත.
මේ අතර ඊයේ (19) දින කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් සටහන් වී තිබුණේය.
