ගෝඨාභය අත්අඩංගුවට ගැනීම.? හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නාද දන්නෑ

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇති සම්බන්ධය පිළිබඳව මේ මොහොතේ රජය සතුව කරුණු නොමැති වුවද, විමර්ශන වලින් හෙළිදරව් වන ආකාරය ඔහුව අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම තීන්දු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එනිසා ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම තීරණය වන්නේ දේශපාලන අවශ්‍යතාවන් මත නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන විමර්ශනවලදී හෙළිදරව් වන කරුණු සහ සාක්ෂි අනුව පමණක් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සහ විමර්ශන සිදුවන ආකාරය මෙන්ම කරුණු හෙළිදරව් වන ආකාරය දෙස බැලීමේදී, එම විමර්ශන නිවැරදිව ඉදිරියට ඇදෙන විට එය තමන් දෙසට පැමිණෙනු ඇතැයි ඇතැම් පාර්ශවයන් තුළ භීතියක් ඇති විය හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස තවදුරටත් සඳහන් කළේ,

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමයි ඉදිරිපත් වන සාක්ෂි අනුව, විමර්ශන අනුව කටයුතු කරන්නේ. සමහරවිට හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නාද දන්නෑ.”

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest