Advertisements

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක්

අදියර තුනකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරිම් සිදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

“අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් අදාළ බඳවා ගැනීම් සිදු කරනවා. අපි අදියර තුනකින් වැටුප් වැඩි කිරිම් සිදු කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේදී වැටුප් වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම තව විශාල ලෙස විසදිය යුතු ප්‍රශ්න අපි සතුව තිබෙනවා.”

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest