Advertisements

“වැඩිපුරම ගහන්නේ පක්ෂය ඇතුළෙන්.. සමහරවිට තනියම හිටගන්න වෙයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ෆේස්බුක් සටහනට සමගි ජන බලවේග පක්ෂයෙන් ඉල්ලා අස්වී සිටින වැලිගම හිටපු නගරාධිපති සහ හිටපු ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම ප්‍රතිචාර දක්වා ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට වැඩිපුරම පහර දෙන්නේ පක්ෂය ඇතුලේම සිටින කණ්ඩායම් බවයි.

රෙහාන් ජයවික්‍රම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ,

“ඔයාගේ මේ තියෙන post එකේ reactions විතරක් බලන්න Harsha de Silva. ඒකෙන් පේන්නේ සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට වැඩිය මිනිස්සුන්ට තාම ඔයා ගැන විශ්වාසයක් තියෙනවා කියලා.

අනිත් එක තමයි, ඔබතුමාට වැඩිපුරම ගහන්නේ පක්ෂය ඇතුළෙම ඉන්න සමහර කණ්ඩායම්. ඒ කාගේ උවමනාවටද කියන එක බබෙක් වගේ තේරුම් කරලා දෙන්න ඕන නෑ. සැබෑ තත්වය ඒකයි. ඒ ගැන දුකයි, කණගාටුයි, හැබැයි ඔය හැමදේම දන්න නිසා තමයි, කොන්ද කෙලින් තියාගෙන මම පක්ෂ දේශපාලනයෙන් එළියට බැස්සේ.

සජිත් ප්‍රේමදාස මහත්තයට තැන් තැන්වල පිටිපස්සෙන් බනින්නයි, දැක්කම දෙකට තුනට නැවෙන්නයි, ඕන තරම් මිනිස්සු තාම ඔය පක්ෂය ඇතුලේ ඉන්නවා. ඒ වගේ කට්ටියට ඉතින් මම අනුකම්පා කරනවා. තමන්ගේ මතයවත් දරාගන්න බැරි තැනක තමයි ඒගොල්ලෝ ඉන්නේ. කවද හරි දවසක, මේක බහුතර මතයකුත් වෙනවා. එතකොට පරක්කු වැඩියි.

ලංකාවට දැන් අවශ්‍ය වෙන්නේ වෙනස් විපක්ෂයක්. හැමදේටම විරුද්ධ වෙන්නැති, හොඳ දේට හොඳයි කියල කියන්න පුළුවන්, නරක දේ ඒ වගේම විවේචනය කරන්න පුළුවන් විපක්ෂයක්. ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ.

ජනතා සුබවාදී තීරණයක් ගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා. සමහරවිට තනියම හරි හිටගන්න වෙයි. තමන්ගේ මතය වෙනුවෙන් මංගල සමරවීරත් තනියම තමයි එළියට බැස්සේ. ඒකට තමයි බය නැති දේශපාලනය කියන්නේ.”

Advertisements
Advertisements
5 Comments
Most Voted
Newest Oldest