Advertisements

හිරේ යන්න ඉන්න දූෂිතයින්ට සැරෙන් ඇමතූ අධිකරණ ඇමති

මොනම ආකාරයකින්වත් අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විනිසුරුවරයාගේ ස්වාධීනත්වයට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

තවද හිරේ යන්න බලාපොරොත්තුවෙන් සිටින සහ ඇප පිට සිටින වංචනිකයන්ට, දූෂිතයින්ට අධිකරණ පද්ධතියට තර්ජනය කිරීමට ඉඩ දෙන්නේ නැති බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි

අද (21) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

අපි මොනම ආකාරයකින්වත් අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විනිශ්වකාරවරයාගේ ස්වාධීනත්වයට හානියක් වෙන්න දෙන්නේ නෑ. ඒ වගේම හිරේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්න, ඇප පිට ඉන්න වංචනිකයන්ට, දූෂිතයන්ට එහෙම අධිකරණ පද්ධතියට තර්ජනය කරන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.

ඔවුන් බොහෝ විට මේ පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද භාවිතා කරමින් එසේ කරන බව පේනවා. ඉතින් මම ඉල්ලා හිටිනවා ඔය කරන දේවල් වලින් වැඩිහරියක් ඔබලා එලියේ කරානම් බොහෝ වෙලාවට ඒවට වෙනම පියවර අප⁣ට ගන්න පුළුවන්. නමුත් වරප්‍රසාද වලට කට්ටිය මුවා වෙලා ඉන්නේ.”

Advertisements
0 Comments
Most Voted
Newest Oldest