හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී ජනප්‍රිය සිනමා නළු හේමාල් රණසිංහ සිනමා විචාරකයකු වන ලක්මිණ රණසිංහ යන අය මරණ බවට බැන තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම සිදුකර පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඊයේ (14) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවයි.
අනතුරුව ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදීමක් කළේ යැයි, සිද්ධිය සම්බන්ධව දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා නියෝග කළාය.
එම පහරදීම සිදු කෙළේ යැයි පැවසෙන ස්ථානයෙන් ලබාගත්, පහරදීම සිදු කරන ආකාරය ඇතුළත් සීසීටීවී (CCTV) දර්ශන සහිත සීඩී 2ක් වැඩිදුර වාර්තාවක් මඟින් වැල්ලවත්ත පොලිසිය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අනතුරුව නඩුව එළඹෙන සැප්තැම්බර් මස (10) වන දින නැවත කැඳවීමට නියමිතය.
