Advertisements
Advertisements

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

LIVE

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ පාලක, තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන කේ. හේරත් නැමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති චෝදනා මත එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ‘User Management Module’ නැමැති මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9,831,250 ක මුදලක් ගෙවා තිබියදී, එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංගය ලබානොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබාගැනීමට කටයුතු කිරීම ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනා වේ.

0 Comments
Most Voted
Newest Oldest