Advertisements

ආනයනික කිරිපිට් මිල ඉහළ⁣ට

ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කරයි.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කරයි.

ඒ අනුව අද (20) දිනයේ සිට ඇසුරුම් කරන ලද කිරිපිටි පැකට්ටු වල මිල මෙලෙස ඉහළ යාමට නියමිතය. 

කෙසේ වෙතත් මේ වනවිට වෙළෙඳපොළේ පවතින කිසිදු ආනයනික කිරිපිටි වර්ගයක මිල ඉහළ නොයන බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කරයි.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest