ටෙහෙරානය කිසි විටෙකත් හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය අත් නොහරින බව ඉරාන බලධාරීන් සඳහන් කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානයට උපායමාර්ගිකව ඉතා වැදගත් වන බැවින් එහි පාලනය කිසිදු පාර්ශවයකට පවරා නොදෙන බවද ඉරාන බලධාරීන් අවධාරණය කර ඇත.
මේ අතර අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම දිගටම කරගෙන යන බව ඉරානයේ නව උත්තරීතර නායක මොප්තාබා කමේනි සඳහන් කර ඇත.
ලොව තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන මෙම මාර්ගය අවහිර වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇත.

