ඉරානය විසින් අද (18) දිනයේ සිට හෝමූස් සමුද්‍ර සන්ධිය යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය සඳහන් කරයි.
ඉරාන වරායන් අවහිර කිරීමට අමෙරිකාව දිගින් දිගටම කටයුතු කිරීම මෙම තීරණය ගැනීමට හේතුවූ බවද ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.
ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති “දැඩි කලමනාකරණ” තත්ත්වයට නැවත පැමිණ ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

