විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇත.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබාදී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
විශ්‍රාම වයස වසර 02කින් දීර්ඝ කිරීම සදහා වු යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය කැබිනට් මණ්ඩලයේදී අනුමත කළේය.

