Advertisements

කට්ටි පනින කබ්රාල්ට අධිචෝදනා

ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසී කඩ කිරීම හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අධිචෝදනා භාරදී ඇත.

නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා භාරදී ඇත.

ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසි මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184කට අධික මුදල මෙතෙක් ගෙවා නැත.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්න යන අයට එහිදී චෝදනා ගොනු කෙරුණා.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest