හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී ලොරි රථයකට පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත.
ලොරි රථයකින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අද (20) උදෑසන කට්ටකඩුව ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා ඇත.
එහෙත් අදාළ ලොරි රථය එම මාර්ග බාධකය නොතකා පළාගොස් ඇති අතර අනතුරුව පොලිසිය විසින් ලොරි රථය ලුහුබැඳගොස් නවත්වා ගැනීමට උත්සාහ කළද නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා නතර කර ඇත.
නතර කිරීමෙන් අනතුරුව ලොරි රථයේ සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
