ජනතාව වහාම ඉවත් වෙන්න.. දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන.!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් ප්‍රදේශ දෙකක් සඳහා නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවලට මෙම රතු නිවේදනය වලංගු වේ.

අද (26) උදෑසන 8.00ට නිකුත් කර ඇති අතර එය හෙට (27) උදෑසන 8.00 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest