Advertisements

වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ සහ ප්‍රථම ලියාපදිංචියෙන් වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම ‘ණය සහ වටිනාකම අතර අනුපාතයන්’ (LTV Ratios) ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ඉහළ දමා ඇති අතර මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුයි.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. 

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest