Advertisements

පෙර පාසල් වයසේ පුංචි දැරියට අතවර කළ අසහන ව්‍යාපාරිකයා අත්අඩංගුවට

පෙර පාසල් වයසේ පසුවන අවුරුදු 05ක් වයසැති කුඩා දැරියකට ලිංගික අතවර කළ බව පැවසෙන 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

එම දැරිය බිස්කට් මිලදී ගැනීම සඳහා සැකකරු විසින් පවත්වා ගෙන යනු ලබන වෙළෙඳසැල වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේදී දැරියව වෙළෙඳසැල තුළට ගෙන සැකකරු විසින් මෙම අතවරය සිදුකර ඇති බවට දැරියගේ මව විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලට අනුව මාදම්පේ, කරුකුවටව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි එම ව්‍යාපාරිකයා මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත් දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

Advertisements
0 Comments
Most Voted
Newest Oldest