මහර බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය මීගමුව බන්ධනාගාරයේ සිද්ධියට වඩා වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් හුදෙක් පවතින තදබදය නිසාම ඇති වූවක් නොවන බවත් ඒවා පිටුපස කිසියම් බාහිර කණ්ඩායමක සංවිධානාත්මක මෙහෙයවීමක් පවතින්නේද යන්න පිළිබඳව සැකයක් පවතින බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
මීගමුවේ ගැටුම ඇතිවූයේ රැඳවියන් රැඳවියන් අතර බවත් මහර සිදුවූයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර බවත් මීට පෙර හේතුවක් නොමැතිව මෙවැනි තත්ත්වයන් ඉස්මතු නොවූ බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි වීමත් සමඟ බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම සීමා වීම මෙවැනි නොසන්සුන්තා ඇති වීමට එක් හේතුවක් විය හැකි බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඇප ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවත් නීතිය මගින් පමණක් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කළ නොහැකි බවත් සමාජයීය වශයෙන් ද මේ සඳහා විසඳුම් සෙවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කරයි.

