LIVE
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දින සිදුකර ඇත.
විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් රාගම රෝහල් මෘත ශරීරාගාරයේදී මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී මරණයට හේතුව අධික ලෙස රුධිරය වහනය වීම බවට තීන්දු කර ඇති බව වාර්තා වේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ රැඳවියාගේ මෘත ශරීරය අද දින සවස වත්තල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාතීන් වෙත භාරදී ඇත.
