Advertisements

විජයග්‍රාහි සැමරුමට මහින්දට එන්න කීවේ නෑ

හෙට (19) පැවැත්වෙන ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

වෙනදාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් නිල වශයෙන් විජයග්‍රාහී සැමරුම සඳහා ආරාධනය ලැබෙන බවද මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

අමාත්‍ය උපාලි පන්නිලගේ විසින් මහින්ද රාජපක්ෂට මෙම සැමරුම සඳහා ආරාධනා කර ඇති බවට ප්‍රකාශ කිරීම අසත්‍ය කරුණක් බවද මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest