ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හදිසියේම මියගොස් සිටියදී ඔහුගේ දේහය අද (08) දින ඔහුගේ කොල්ලුපිටිය පිහිටි නිවසේදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.
එයාර් බස් ගනුදෙනුවකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන, ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) වරෙන්තු නිකුත් කළේය.
2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා 14ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූවා යැයි කියන විශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අල්ලස් කොමිසම මගින් නඩු පවරා තිබුණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන එයාර් බස් ගණුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක මුදලක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් බව පසුගියදා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එළඹෙන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණීමට තවත් දින කිහිපයක් තිබියදී කපිල චන්ද්‍රසේන හදිසියේම මරණයට පත්වෙයි.
ඇත්තටම මෙම මරණය, සියදිවි හානිකර ගැනීමක්ද.? ඝාතනයක්ද.? සියදිවි හානිකර ගැනීමට කවුරු හෝ පෙළඹුවාද.? යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකළ යුතුයි.
මෙය ඇත්ත අපරාධකරුවන් හංගන්න සිදුකළ තවත් සාක්ෂි විනාශ කිරීමක්ද.?
