ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය පිටුපස විශාල අභිරහසක් පවතින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
එම මරණය පිටුපස අභිරහසේ සෘජු ප්‍රතිලාභ හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බවත් එම සිදුවීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සමාන බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
එදා පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල සහ ප්‍රතිලාභ රාජපක්ෂවරුන් වෙත ගලා ගියා සේම, මෙම මරණය හරහා අදාළ මිලියන 60ක මුදලට අමතරව විශාලම වාසිය නැවත වතාවක් මහින්ද රාජපක්ෂට හිමිවන බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂගේ අතීත හැසිරීම්, ඔහුගේ චරිතය සහ මින් පෙර සිදුකර ඇති ක්‍රියා දෙස බැලීමේදී, මෙවැනි ක්‍රියා ඔහුගේ අනුදැනුම ඇතිව සිදුවූයේද යන්න පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද සරත් ෆොන්සේකා සඳහන් කරයි.
එදා යුද පිටියේ කිසිදු ස්ථානයක මහින්ද රාජපක්ෂ සිටිනු තමන් දැක නොමැති බවත් ඔහු අවම වශයෙන් කෝප්‍රල්වරයෙකු ලෙස වත් හමුදාවේ සේවය කර නොමැති බවද සරත් ෆොන්සේකා සඳහන් කරයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තවදුරටත් සඳහන් කළේ,
“රාජපක්ෂලා කියන්නේ නිකන් පුම්බාගත්ත දූෂිත චරිත. අරක්කුවලිනුයි, පගාවලිනුයි, අල්ලස්වලින් පෝෂණය වෙච්ච පිරිසක්. ඒගොල්ලෝ මර්දනය කරන එක ඉතා සුළු වැඩක්. තනතුර මට ලැබුණොත් රාජපක්ෂ පවුල මේ රටේ ඉන්නෙත් නැහැ.”

